බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව පහු කරයි - 150 දක්වා ඉහළ යා හැකි බවට ලෝකෙටම අනතුරු ඇඟවීමක්

Report

පසුගිය 2022 ඔක්තෝම්බර් මාසයෙන් අනතුරුව පළමු වරට ගෝලීය වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 90 (පවුම් 67) සීමාව පසු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සඳහන් වන්නේ රුසියා-යුක්රේන යුද්ධයෙන් පසුව ඇති වූ බලශක්ති අර්බුදයට සමාන තත්ත්වයක් මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන මෙම නොසන්සුන්තාව හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ අතර කලාපයේ පවතින ගැටුම් නිසා බලශක්ති අපනයනය දීර්ඝ කාලයකට අත්හිටුවීමට සිදුවුවහොත්, බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවට මින් පෙර කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි අනතුරු අඟවා ඇත.

කටාර් බලශක්ති අමාත්‍යවරයාගෙන් ලෝකයට අනතුරු ඇඟවීමක්

කටාර් බලශක්ති අමාත්‍යවරයාගෙන් ලෝකයට අනතුරු ඇඟවීමක්

එය "ලෝක ආර්ථිකයන් කඩා වැටීමට" හේතුවිය හැකි බවට ඔහු පවසයි.

ලොව සමස්ත තෙල් නිෂ්පාදනයෙන් 1/3ක් සහ ස්වභාවික වායු නිෂ්පාදනයෙන් 17%ක් සැපයෙන්නේ ගල්ෆ් කලාපයෙන් වන අතර, ඉරානය මඟින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට තර්ජනය කිරීම නිසා මේ වන විට ටැංකි නෞකා 300ක් පමණ ප්‍රදේශයේ අතරමංව ඇති බවද වාර්තා වේ. 

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි