දිවුල් ගෙඩියක් කටේ තියපු නැති අය දිවුල් මෙච්චර ගුණයක් කියලා දන්නවා නම්

Report

ගිවුල්, ජූල් මේ එක එක විදිහට හඳුන්වන දිවුල් කියන්නේ රසවත් පලතුරක් බව ඔබ අපි කවුරුත් දන්වනේ.

හැබැයි පලතුරක් වගේම දිවුල් කියන්නෙ රෝගාබාධ රැසකට ගුණ දෙන ඖෂධයක් වගේම කොළකැඳ, අතුරුපස ආදිය සඳහාත් ගනු ලබන ඉතා ප්‍රයෝජනවත් ශාකයක් කියලා දැනගෙන හිටියද?

දිවුල් අතීසාර,ග්‍රහණි, හික්කා, ශ්වාස, අර්ශස් වගේ රෝගවලට වගේම විෂ නැසීමටත් උපයෝගී කරගන්නවා.

ශ්‍රී ලංකාවෙ වියළි ප්‍රදේශවල බොහෝවිට දකින්න පුළුවන් දිවුල් පොදුවේ ගත් විට අධික ශීතල නොවන සියලුම ප්‍රදේශවල වැවෙන ශාකයක් ලෙස හඳුන්වනවා.

දිවුල් ගෙඩියක් කටේ තියපු නැති අය දිවුල් මෙච්චර ගුණයක් කියලා දන්නවා නම් | Divul Fruit Benefits For Health Remedies

බොහෝ දෙනා දිවුල් මද විතරක් කන නිසාත් එය පලතුරක් විදිහට විතරක් අඳුරගෙන ඉන්න නිසාත් අපි හිතුවා මේ ලිපියෙන් දිවුල්වල කොච්චර ගුණයක් තියෙනවද කියලා පාඨක ඔබත් එක්ක බෙදා ගන්න.

දිවුල්වල කොළ, පොතු, මුල්, මල්, ගෙඩියේ මදය සහ මැලියම් කියන මේ කොටස් සියල්ලම බෙහෙත් සඳහා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම දිවුල් මදයේ විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන් ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියක් ඇතුළත්.

විශේෂයෙන් දිවුල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ ගැටලු රැසක් සමනය වෙන අතර එහි ඇති සංඝටක මළ බද්ධය දුරු කරන බව වාර්තා වෙනවා.

ඒ වගේම බඩේ ඇතිවන රිදිම්, අපහසුතා දුරු කිරීමට පාචනය, මළබද්ධය ආදී රෝග තත්ත්ව සුව කිරීමේ හැකියාවත් දිවුල් සතු ගුණයක්.

ඊට අමතරව දිවුල්වල ලේ පිරිසිදු කිරීමේ ගුණයත් තියෙනවා.

දිවුල් ගෙඩියක් කටේ තියපු නැති අය දිවුල් මෙච්චර ගුණයක් කියලා දන්නවා නම් | Divul Fruit Benefits For Health Remedies

මෙච්චර ගුණ තියෙන දිවුල් ආහාරයක් විදියට,

දිවුල් කෝඩියල, ජෑම්, බීම, ආදිය සඳහා යොදා ගන්නවා. ඒ වගේම ඉඳුනු දිවුල් මදය පොල්කිරි සමඟ දියකර මිරිකා සීනි සහ මදක් ලුණු මිශ්‍රකර ගත් විට හොඳ අතුරුපසක් විදිහටත් ආහාරයට ගන්න පුළුවන්.

ඊට අමතරව දිවුල් කොළ කැඳ ශරීරයේ විෂ සමනයට සහ සුදු කබර රෝගීන්ට හොඳ ඖෂධයක්.

දිවුල්වල තිබෙන ඖෂධ යෝග ලෙස,

අර්ශස් සදහා දිවුල් සහ බෙලි යුෂ පානය හොඳයි.

සුදුකබර සදහා දිවුල් පොතු කෂාය හොඳයි.

මී විෂ සදහා දිවුල් ගසේ පංචාංගය කෂාය බීම ඉතාමත් ගුණදායකයි.

ප්‍රදර රෝග සදහා දිවුල් කොළ සහ උණ ගොබ සමව ගෙන කෂාය කර මී පැණි සමග යෙදීම හොදයි.

වමනයට දිවුල් මදයේ යුෂයට තිප්පිලි කුඩු සහ මී පැණි මිශ්‍රකර වරින්වර බීම හෝ ලේහ කිරීම යෝග්‍යයි.

ඇස් රෝගවලට දිවුල් යුෂයට මී පැණි දමා අදුන් ලෙස ගානු ලබනවා සූතිකාවන්ගේ ගර්භාෂගත රෝග සඳහා දිවුල් පොතු කෂාය යොදනු ලබනවා.

දිවුල් ගෙඩියක් කටේ තියපු නැති අය දිවුල් මෙච්චර ගුණයක් කියලා දන්නවා නම් | Divul Fruit Benefits For Health Remedies

හිසේ රෝගවලට දිවුල් කොළ යුෂ නානු සාදා හිසේ ආලේප කරනු ලබනවා.

ඒ වගේම කුඩාදරුවන්ගේ බඩේ අමාරුවලට දිවුල් කොළ යුෂ ඉතාමත් ගුණදායකයි.

ඉතින් අද ඉඳන් ගෙවත්තේ හැදෙන දිවුල් ගෙඩි විසි කරන්න එපා.

එක පුංචි දිවුල් ගෙඩියකින් රස දිව පිනවන්න වගේම ඔබේ සෞඛ්‍ය ගැටලු රැසකටත් දිව ඔසුවක් වෙන බව මත තියා ගන්න.   

මුද්දරප්පලම් හොඳයි කියලා කිව්වට ඒක වතුරේ පොඟවලා කමුද?

මුද්දරප්පලම් හොඳයි කියලා කිව්වට ඒක වතුරේ පොඟවලා කමුද?