''ජීවිතේ කියන්නෙ ජයග්රහණයන් වගේම පරාජයන් මතින් ලැබෙන අත්දැකීම් වල සම්මිශ්‍රණයක් '' ජීවිතේ දිනන්න ඩඩ්ලිගෙන් පාඩමක්
ඩඩ්ලි සිරිසේන ලංකාවම දන්න ව්‍යාපාරිකයෙක් .
කෙටියෙන්ම කියන්වනම් ජීවිතේ දිනපු මනුෂ්‍යයෙක් ඔහුගෙන් ව්‍යාපාර ක්ෂේත්රයට එන්න ඉන්න ඒවගේම ව්‍යාපාර ක්ෂේත්රයේ ඉන්න අයට ඉගන ගත හැකි බොහෝ දේ තියනවා .
ඉතිං පසුගිය කාල වකවානුව තුළ ඔහු ගැන කතා වුණේ ඔහු මිලදී ගත් කෝටි ගණනක් වටින වාහනය හින්දා .
ඒත් අද කියන්න යන්නේ වෙනස්ම කතාවක් ඔහු අද උදෑසන වෙනස්ම කතාවක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා.
ඒ ජීවිතේ දිනන්න වෙහෙස මහන්සි වෙන හැමෝටම උදව්වක් වෙන්න . ඔයාලත් කියවලම බලන්න වචනයක් හරි ජීවිතේට ගන්න දෙයක් තියේවි
''මම හැමදාමත් ජීවිතේ දිනපු මිනිස්සු එක්ක ගොඩාක් දේවල් කතා කළා. ඔවුන්ගෙන් ජීවිතේ දිනන හැටි ගැන අකුරක් නෑර ඉගෙන ගත්තා. ඒ වගේම මම ගොඩක් වෙලාවට ජීවිතේ පරාජය වුණ මිනිස්සුන්ටත් ඇහුන්කම් දුන්නා. ඔවුන්ගේ අත්දැකීම් තුළින් ජීවිතේ නොවැටී සිටිය යුතු තැන් ගැන ලොකු අවබෝධයක් ලබා ගත්තා. දරුවනි, ජීවිතේ කියන්නෙ ජයග්රහණයන් වගේම පරාජයන් මතින් ලැබෙන අත්දැකීම් වල සම්මිශ්‍රණයක් පමණයි. වඩාත් වැදගත් වෙන්නෙ පරිස්සමට ජීවිතේට මුහුණ දෙන එක විතරයි. ''