මේ අයව උසාවි ගේන්නේ නැහැ...උසාවියට තාක්ෂණය
මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ චූදිතයන් උසාවියට රැගෙන ඒම අවම කිරීමට ද පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එවැනි සැකකරුවන් උසාවියට භෞතිකව රැගෙන ඒම වෙනුවට, ඔවුන්ගේ නඩු කටයුතු සූම් (Zoom) තාක්ෂණය වැනි මාර්ගගත විධික්‍රම හරහා පවත්වාගෙන යාමටයි තීරණය කර ඇත්තේ.
"කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු අධිකරණවල ආරක්ෂාව පිළිබඳව ගැඹුරින් සලකා බැලීමට අපට සිදුවූ බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.
අධිකරණ පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බැවින්, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හෝ ආරක්ෂක කටයුතු සඳහා විශේෂයෙන් පුහුණු කළ පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කළා," යැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.