උසාවි ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තු අලුත්ම තීරණය

Hiccough Sri Lanka Ministry of Defense Sri Lanka Crime
By Gagana News Feb 27, 2025 01:33 PM GMT
Gagana News

Gagana News

Report

සාමාන්‍ය පොලිස් නිලධාරීන් වෙනුවට අධිකරණවල ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ කාර්ය බලකායේ (එස්.ටී.එෆ්.) නිලධාරීන් යෙදවීමට තරණය කර තිබෙනවා.

එසේ නොමැති නම් විශේෂයෙන් පුහුණු කරන ලද පොලිස් නිලධාරීන් යෙදවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවදානය යොමු කර ඇති බව සඳහන්.

මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ ප්‍රබල පාතාල කල්ලි නායකයකු වූ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු අධිකරණවල ආරක්ෂාව පිළිබඳව මතු වී ඇති ගැටලු සහගත තත්ත්වයයි.

ජනපති හමුදා කැඳවයි

ජනපති හමුදා කැඳවයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, අධිකරණ සංකීර්ණ තුළ ආරක්ෂාව සැලසීමට දැනට සාමාන්‍ය පොලිස් නිලධාරීන් යොදවා ඇති නමුත්, මෑතකදී සිදු වූ ගණේමුල්ල සංජීව ඝාතනය වැනි සිදුවීම් හේතුවෙන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට සිදු වී ඇති බව දක්වා තිබෙනවා.

ඒ අනුව, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා සුවිශේෂී පුහුණුවක් ලබා ඇති පොලිස් නිලධාරීන් අධිකරණවල ආරක්ෂක ස්ථානවල රාජකාරියේ යෙදවීමට සැලසුම් කර තිබෙන්නේ. 

ReeCha