ගුරුවරුන් සම්බන්ධයෙන් රජය ගත් අලුත්ම තීරණය මෙන්න.

Sri Lanka Education Education ministry School teachers International school
By Aruna Nov 01, 2021 04:42 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට ගුරුවරුන් කැඳවීම අත්හිටුවා තිබෙනවා.

ජාතික පාසල් ගුරු ස්ථාන මාරු ගැටලු සඳහා 0112784434, 2785141 - 50 ඇමතිය හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුම්දී තිබෙනවා.

මේ අතර දිවයිනේ සියලුම පාසල් වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන මස 8 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියළුම කතෝලික පාසල් සහ ඇංග්ලිකානු පාසල්වල ද 10,11,12, සහ 13 වැනි ශ්‍රේණී එදිනම විවෘත කිරීමට නියමිතයි.

මේ අතර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්තිද 50%ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වැනිදා සිට ආරම්භ කිරීමටද අවසර හිමිවී තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ වසර දෙකක පමණ කාලයක් දිවයිනේ පාසල් වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග සියලු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය 25 වැනිදා ආරම්භ කෙරුණා.

මීට අමතරව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සියයට 50 ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha