ගුරුවරුන්ට සද්දෙ දාපු උප සභාපති ඇතුළු මන්ත්‍රීන් 02කට වුණ දේ මෙන්න.
Police
Teachers picketing
Mawanella provincial council
K. G piyathissa
By Aruna
මාවනැල්ල - මෙඩේරිගම විද්‍යාලයට ඇතුළු වී එහි විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස ඇතුළු තුන් දෙනෙකු අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් පිරිසට එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද අයත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.
පසුගිය දා මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් මාවනැල්ල නගරයේ විරෝධතාවක ද නිරත වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
