සියලුම ගුරු-විදුහල්පතිවරු හදිසියේ ගත් තීරණය මෙන්න. .

Sri Lanka Education Teachers Principles
By Aruna Jan 06, 2022 06:00 AM GMT
Aruna

Aruna

Report

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාලව නව චක්‍රලේඛනය නිකුත් කිරීමෙන් පසු තමන් මෙතෙන් ක්‍රියාත්මක කළ සියලුම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් ඉවත් වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරනවා.

මේ අනුව රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්, ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කළා. ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

එම චක්‍රලේඛනය පහතින්.

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය – 2016

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha