පාසලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 27ක් මරුට
පෙෂාවර්හි පාසල් වහලයක් කඩා වැටීමෙන් සිසුන් 27ක් ඇතුළු 28දෙනෙකු මරුට පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පෞද්ගලික පාසලක වහලයක් කඩා වැටීමෙන් සිදුවූ දරුණු අනතුරින් මියගිය සිසුන් සංඛ්යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
අනතුරින් ගුරුවරයෙකු ද ජීවිතක්ෂයට පත්වීමත් සමඟ සිදුවූ සමස්ත මරණ සංඛ්යාව 28 දක්වා ඉහළ ගොස් තිබේ.
අද (15) පාසල් වේලාව අතරතුර ඉහළ මහලක වහලය කඩා වැටීමත් සමඟ පහළ මහල් දෙක ද කඩා වැටී සිසුන් මතට සුන්බුන් ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මියගිය සිසුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 13ට අඩු කුඩා දරුවන් වේ.
අනතුර සිදුවන අවස්ථාවේ පන්ති කාමර තුනක සිසුන් 110 දෙනෙකු සිට ඇති අතර, සහන කණ්ඩායම් විසින් සුන්බුන් අතරින් සිසුන් 47 දෙනෙකු පමණක් මුදාගෙන ඇති බැවින් මරණ සංඛ්යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.
අද අලුයමදී කටුනායක නොසන්සුන් කළ සිදුවීම - රු පන්කෝටි දස ලක්ෂයක් වටිනා මත්ද්රව්ය තොගයක් එක්ක තිදෙනෙක් අත්අඩංගුවට
ගොඩනැගිල්ලේ ව්යුහය දුර්වල මට්ටමක පැවතීම සහ දරාගත නොහැකි බරක් පැවතීම මෙම කඩා වැටීමට හේතුවන්නට ඇති බවට පෙෂාවර් පොලිස් ප්රධානී මියන් සයීඩ් ප්රකාශ කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.