ශ්‍රී ලංකාව වෙනුවෙන් IMF එකෙන් හදිසි ප්‍රකාශයක් - අපි හැමදාම ලංකාව එක්ක ඉන්නවා

Report

 ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවූ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම විටම රැඳී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී සොනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය අවධාරණය කර තිබේ.

 ඇය සදහන් කළේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුවට සමාන්තරව අද (15) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කරමිනි .

එමෙන්ම වත්මන් මූල්‍ය වැඩසටහනෙන් පසුව නැවතත් මූල්‍ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ අයිතියක් බව ද ඇය සදහන් කරයි.

එහිදී මාධ්‍යවේදිනියක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජේන්-චන්ද්‍රා මිය කියා සිටියේ, වත්මන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබෙන බවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී සොනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය තව දුරටත් සදහන් කළේ නව මූල්‍ය සම්පාදන වැඩසටහනක්, නිරීක්ෂණ රාමුව යටතේ නිශ්චිත ප්‍රතිපත්ති උපදෙස් ලබා දීම හෝ ධාරිතා සංවර්ධනය (Capacity Development) වැනි ඕනෑම ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බවයි.

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි -ප්‍රධාන බැංකුවල අලුත්ම විනිමය අනුපාත මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි -ප්‍රධාන බැංකුවල අලුත්ම විනිමය අනුපාත මෙන්න