අද අලුයමදී කටුනායක නොසන්සුන් කළ සිදුවීම - රු පන්කෝටි දස ලක්ෂයක් වටිනා මත්ද්රව්ය තොගයක් එක්ක තිදෙනෙක් අත්අඩංගුවට
රුපියල් පන්කෝටි දස ලක්ෂයක් වටිනා මත්ද්රව්ය තොගයක් ශ්රී ලංකාවට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී අද (15) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකු සහ 33 හැවිරිදි වියේ පසුවන තායිලන්ත ජාතික රියැදුරුවරුන් තිදෙනෙක් බව වාර්තා වේ.
ඊශ්රායලයෙන් දාපු තහනම නිසා ඊශ්රායල රස්සා හොයපු ශ්රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්රමිකයන් 1000ක් හිර වෙයි
මොවුන් අද(15) අලුයම 12.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ රූපලාවන්ය ආලේපන අඩංගු බදුන් තුළ සූක්ෂම වශයෙන් අසුරා මෙම මත්ද්රව්ය කිලෝ ග්රෑම් 05 ග්රෑම් 096ක ප්රමාණය සගවා ගෙන තිබූ බව සඳහන්.
ඒ අනුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් තිදෙනා සහ ඔවුන් විසින් රැගෙන ආ මත්ද්රව්ය තොගය අද මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.