අම්මාගේ ලොකුම හීනය වුණේ මම බඳින එක.. ඒ දෙන්නා හිටියා නම් කියලා හිතුණා.. කෙල්ලෝ පිස්සු වට්ටපු ඔහුගෙන් කඳුළු කතාවක්

Report

පහුගිය දවස්වල මුළු රටම කතා කළ ජනප්‍රිය රංගන ශිල්පිනී දුශේනි මියුරංගි සහ චතුරංගගේ විවාහය ගැන තවත් විවිධ කතා ඇහෙනවා.

ඔන්න ඒ අතර විවාහයෙන් පස්සේ චතුරංග තමන්ගේ ජීවිතය ගැන සහ මංගල දිනයේ හිතට දැනුණු දේ ගැන හෙළිකරපු කතාවත් එක්ක මේ දෙපළට වගේම විශේෂයෙන් චතුරංගට ආදරේ කරන රසිකයෝ නම් ඉන්නේ හොඳටම සංවේදී වෙලා.

ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ මොහොතෙත් ඒ දෙන්නට සුබ පතලා විවිධ සටහන් සමාජ මාධ්‍යයේ පළ වෙන්නේ චතුරංග කියපු මේ කතාවත් නිරන්තරයෙන් මතක් කරමින්. චතුරංග කියන විදිහට ඔහුගේ මවගේ ලොකුම හීනේ වෙලා තියෙන්නේ චතුරංගගේ විවාහය.

පවුලේ එකම දරුවා වුණ මේ කඩවසම් තරුණයා ඒ බව මතක් කරන්නේ, "අම්මාගේ ලොකුම හීනය වුණේ මම බඳින එක..." කියලා සංවේදී වෙමින්.

අකිලයි එමියි ඇත්තටම වෙන්වෙලාද? කටකතා පතුරවන අයට අකිල ධනුද්ධරගෙන් ෆේස්බුක් හරහා සුපිරි උත්තරයක්

අකිලයි එමියි ඇත්තටම වෙන්වෙලාද? කටකතා පතුරවන අයට අකිල ධනුද්ධරගෙන් ෆේස්බුක් හරහා සුපිරි උත්තරයක්

වයස අවුරුදු 16දී සිය පියාගේ අහිමි වීමත්, මීට වසර පහකට පමණ පෙර තම මවගේ අහිමි වීමත් නිසා ජීවිතයේ තනිවුණු විදිහ ඔහු සිහිපත් කරලා තිබුණේ හරිම සංවේදී විදිහට.

"අම්මාට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි එයා නැති කාලෙක මම කොහොමද ජීවත්වෙන්නේ කියන එක. එයාගේ එකම හීනය මම හොඳ තැනකින් කසාද බැඳලා හොඳට ජීවත්වෙන එක තමයි. මාව මේ තත්ත්වයට ගෙනාවට අම්මටයි තාත්තටයි ගොඩක් පින්. මට හිතෙන්නේ ඒ දෙන්නා අදටත් ජීවත් වෙනවා කියලා. හැබැයි මම වෙඩින් එක දවසේ ගොඩක් සංවේදී වුණා... ඒ දෙන්නා හිටියා නම් කියලා හිතුණා. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා." ඒ විතරක් නෙවෙයි ඔහු කිසි විටෙක සිය අතීතය අමතක නොකරන බව කිව්වේ ජීවිතයේ මුහුණ දුන් හැලහැප්පීම් ගැනත් මතක් කරලයි. "පයින් ගිහින් පුෂ් බයිසිකලෙන් කාර් එකට ආපු ගමනක් මේක...පොඩි කාලේ පයින්, බස් එකේ ඉස්කෝලේ ගිහිල්ලා... පුෂ් සයිකලෙන් මෝටර් බයිසිකලයට මාරුවෙලා, ඒකෙන් කාර් එකට මාරුවෙලා තමයි මේ ගමන ආවේ. අපි කොහොමත් මුල මතක තියාගන්න ඕනෑ. උඩට යන්න යන්න පල්ලෙහා ගැනත් හිතන්න ඕනෑ. මම ගොඩක් බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත්වෙන කෙනෙක්."

කොහොම වුණත් ලංකාවේ බොහෝ මව්වරුන් තමන් දෙස බලන්නේ තමන්ගේම පුතෙකු දෙස බලන ආදරයෙන් බව ආදරයෙන් සිහිමත් කළ මේ කඩවසම් රංගන ශිල්පියා ඒ ආදරය තමන්ට ලොකු ශක්තියක් කියන්නේ දුෂේනි සමඟින් තමන්ගේ අභිමතය පරිදි ලස්සනට මංගල දිනය සැමරීමට ලැබීම පිළිබඳව සතුටත් පළ කරන ගමන්.

ඊශ්‍රායලයෙන් දාපු තහනම නිසා ඊශ්‍රායල රස්සා හොයපු ශ්‍රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි

ඊශ්‍රායලයෙන් දාපු තහනම නිසා ඊශ්‍රායල රස්සා හොයපු ශ්‍රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි

අද මේ ලග්නවලට දවසම සුබයි - සතුට උතුරන ජයග්‍රාහී දවසක් - දවසේ ලග්න පලාපල

අද මේ ලග්නවලට දවසම සුබයි - සතුට උතුරන ජයග්‍රාහී දවසක් - දවසේ ලග්න පලාපල