සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට
අතුරුදහන් වූ බවට වාර්තා වී සිටියදී 'නකල්ස්' ප්රදේශයේ ගුහාවක කුඩා දරුවෙකු සමඟ හමුවූ 15 හැවිරිදි දැරියක්, දරුවා ලැබීමට පෙර සහ පසු යන අවස්ථා දෙකේදීම ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙම බාලවයස්කාර දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට මීට පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම නව තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
සැකකරුවන් වයස අවුරුදු 36 සහ 23 යන වයස්වල පසුවන අතර, ඔවුන් මාමා සහ බෑණා බව හඳුනාගෙන ඇත. 36 හැවිරිදි සැකකරු 2023 වසරේදී මෙම දැරියව පළමුවරට ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්, අනෙක් සැකකරු ද පසුව ඇයව අපයෝජනයට ලක් කර ඇති බවත් පොලිසිය ප්රකාශ කළ බව වාර්තා වේ.
මෙම සැකකරුවන් දෙදෙනාම කාලයක් තිස්සේ නැවත නැවතත් දැරියව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට චෝදනා විමර්ශනවලදී හෙළි වී තිබේ. දැරියව වනාන්තර ප්රදේශයකට රැගෙන යාමෙන් පසු ඇය ගැබ්ගෙන ඇති බවත්, පසුව දරුවෙකු ප්රසූත කර ඇති බවත් පොලිස් වාර්තා සඳහන් කරයි.
එමෙන්ම, දැරිය දරුවා ප්රසූත කිරීමෙන් පසුවද සැකකරුවන් ඇයව ලිංගික අපයෝජනයට ලක් කිරීම දිගටම සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතී.