යතුරුපැදි අනතුරකින් ගුරුවරියක ඇතුළු තිදෙනෙකුට බරපතළයි

Report

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් (14) දින සිදු වූ අනතුරකින් ගුරුවරියක් ඇතුලු තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇත.

තුවාලකරුවන් කොටගල ප්‍රාදේශිය රෝහලවෙත ඇතුලත් කල පසු  දික්ඔය මූලික රෝහලවෙත මාරු කර යැවූ බව දිඹුලපතන පොලිසිය පැවසීය.

අද උදෑසන මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ඉන්ධන පිරවුම්හල ආසන්නයේදීය.

දිස්ත්‍රික්ක කිහිපයකට‍ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය

දිස්ත්‍රික්ක කිහිපයකට‍ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය

මෙම අනතුර පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය සදහන් කළේ කොටගල සිට හැටන් දක්වා සිය පුතා සමග යතුරුපැදිය ධාවනය කල යතුරුපැදියක් ඉදිරියෙන් එම දිසාවටම ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඉස්සර කර යෑමට උත්සහ කිරිමේදි හැටන් සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි .

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

හැටන් සිට තලවකැලේ දක්වා ධාවනය වූ යතුරුපැදියේ යතුරුපැදිකරු සහ පසු පස ගමන් ගත් පුද්ගලයෙකු, ගුරුවරියත් අනතුරින් තුවාල ලබා ඇති බවත්, අනතුරින් යතුරුපැදි දෙකටම දැඩි අලාභ හානි සිදු වී ඇති බව තව දුරටත් දිඹුල පතන පොලිසිය සදහන් කරයි.

මෙම අනතුරට හේතුව යතුරුපැදි දෙකේම අධික වේගය බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන පොලිස් නිළධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.