කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් වැඩ නෑ

Report

කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් මේ වන විට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එක් එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයක් පමණක් ජාතික රෝහලේ ක්‍රියාත්මක මට්ටමේ පවතින බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් රෝගී සත්කාරක සේවාවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කර තිබේ.

විදුලි ඇමතිගේ සාකච්චාව ගුටි කෙලියක් වෙයි - විදුලි වෘත්තීය සමිති නායකයා රෝහලට යයි

විදුලි ඇමතිගේ සාකච්චාව ගුටි කෙලියක් වෙයි - විදුලි වෘත්තීය සමිති නායකයා රෝහලට යයි

මහනුවර රෝහලේ වකුගඩුවල ගල් කුඩු කිරීම සඳහා වන යන්ත්‍රයක් මීට වසරකට පෙර මිලදී ගෙන ඇති අතර එය මෙතෙක් භාවිතයට ගෙන නොමැති බව ද චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

තවත් භයානක රෝගයක් - විශේෂයෙන්ම මේ අය ප්‍රවේශම්වන්න

තවත් භයානක රෝගයක් - විශේෂයෙන්ම මේ අය ප්‍රවේශම්වන්න