නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ 45 ක් දැලේ

Report

සතියක් තුළ සිදු කළ නාවික මෙහෙයුම්වලින් නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් 45 ක් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

2025 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 07 දක්වා සිදු කළ මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඩිංගි යාත්‍රා 11 ක්, ඔරු දෙකක් සහ කැබ් රථයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

එහිදී, දේශීය ජල තීරය ආවරණය වන පරිදි තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ අය, බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදු කළ අය සහ නීති විරෝධී පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

යාපනය නගර සීමාව සහ ත්‍රිකුණාමලය මලෛමුන්තාල්, කොක්කුතුඩුවායි, බෝල්ඩර් පොයින්ට්, කෝකිලායි, කදිරවේලි පොයින්ට්, පුඩුවකට්ටු, ෆාවුල් පොයින්ට්, ඔට්ටමාවඩි, ප්ලාන්ටන් පොයින්ට්, කල්කුඩා, කල්ලරාව යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි උතුරු සහ නැගෙනහිර නාවික විධාන විසින් මෙම මෙහෙයුම සිදු කර තිබේ.

තවත් මහමොළකරුවෙක් අත්අඩංගුවට

තවත් මහමොළකරුවෙක් අත්අඩංගුවට

තවද, මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, ධීවර යාත්‍රා සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කින්නියා, මුලතිව්, කුච්චවේලි, ලංකාපටුන, කොඩ්බේ සහ මඩකලපුව ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත වෙත භාරදී ඇත.