2025 කාන්තා ලෝක කුසලාන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද

Report

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද (14) දිනයේ පැවැත්වේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද (14) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගි වන තෙවැනි තරගය මෙය වන අතර මේ දක්වා ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීම සඳහා මෙම තරගයේ ප්‍රතිඵලය තීරණාත්මක වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාව සහ එංගලන්තය හමුවේ තරග 2ක් පරාජය වූ අතර ඔස්ට්‍රේලියාව සමග තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 3 අතරින් එක් තරගයක් ජයගෙන තරග 3ක් පරාජයට පත්ව තිබේ.

2026 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවේදී T20 තරගාවලියක් ඉල්ලන පාකිස්ථානය

2026 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවේදී T20 තරගාවලියක් ඉල්ලන පාකිස්ථානය

ඒ අනුව ශ්‍රී ලංකාව එක් ප්‍රසාද ලකුණක් සමගින් සමගින් ප්‍රසාද ලකුණු සටහනෙහි 7වැනි ස්ථානයට පත්ව ඇති අතර නවසීලන්තය ප්‍රසාද ලකුණු 2ක් සමග සටහනෙහි 5 වැනි ස්ථානයේ පසුවෙයි.

මේ අතර 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 3කින් ජයග්‍රහණය කර තිබේ.

ආසියානු වාර්තාවක් එක්ක ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

ආසියානු වාර්තාවක් එක්ක ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

ඉන්දියාවේ විසාකාපට්නම්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශය කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 232කි. ඒ අනුව ලකුණු 233ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ පන්දුවාර 49යි පන්දු 3කදී කඩුලු 7 ක් දැවී සිටියදී වේ.