අපරාධ කල්ලි සාමාජික බස් ලලිතුත් අත්අඩංගුවට
By Kaushi
අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් "බස් ලලිත්" නැමැත්තාද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහිදීයි.
ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගත් බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙක් බව සඳහන්.
අද පෙරවරුවේ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි සහ 'කෙහෙල්බද්දර පද්මේ'ගේ සගයෙකු බව කියන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණ වූ කරුණු මත බව සඳහන්.
කෙසේ වෙතත් වර්තමානයේ රටේ නම ගිය අපරාධකරුවන් බොහෝ දෙනෙක් නීතියෙ රැහැනට කොටු වෙන පුවත් වාර්තා වෙන බව දක්නට ලැබේ.