නාච්චාදූව වැව යටතේ අක්කර 7000ක් වගා කිරීමට තීරණයක්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග ජලාශයක් වන නාච්චාදූව වැව යටතේ ඉදිරි මහ කන්නයේ වගා බිම් අක්කර හත්දහසක (7000) වී හා අතිරේක බෝග වගා කිරීමට පසුගියදා පැවැති පූර්ව කන්න රැස්වීමේ දී තීරණය කර තිබේ.
වී වගාව සඳහා කුඹුරු අක්කර හයදහස් පන්සීයක් ද (6500) අතිරේක බෝග වගාවන් සඳහා අක්කර පන්සීයක් (500) ලෙස වගා කටයුතු කිරීමට ගොවීන්ට අනුමැතිය ලැබී ඇත.
වගා කටයුතු සඳහා නාච්චාදූව ජලාශයේ මේ වනවිට අක්කර අඩි විසිහතරදහස් පන්සීයක (24500) ජල ධාරිතාවක් පවතී.
එය වගා කටයුතු ආරම්භ කිරීමට ප්‍රමාණවත් බව නාච්චාදූව වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.
මේ අතර තුරුවිල ජලාශය යටතේ ද වගා බිම් අක්කර හාරසිය හැට පහක (465) වී වගාවන් සිදුකිරීමට පූර්ව කන්න රැස්වීමේ දී අනුමැතිය ලැබී තිබේ.