තේ පොහොර බෙදාහැරීම ඩිජිටල්කරණයට ලක් කෙරේ

Report

තේ පොහොර ඩිජිටල්කරණයට ලක් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව QR කේතයක් හරහා පොහොර කිලෝ 50කට රුපියල් හාරදහසක සහනාධාරයක් ලබාදීම මාතර පිටබැද්දර දී ආරම්භ විය.

කුඩා තේ වතු හිමියන් විවිධ වූ දුෂ්කරතාවයන්ට පත්වෙන්නට සිදු විය. ඒ නිසි කලට තම තේ වතු වලට පොහොර ලබාගැනීමට නොහැකි වූ නිසාවෙනි. ඒ නිසා තේ අස්වැන්නද අඩු විය. ඒ සදහා ගැළපෙන විසදුමක් විදිහට කිව් ආර් කේතය හරහා පොහොර සහනාධාරය ලබාදීමට තීරණය කර තිබේ.

මෙලෙස කිව් ආර් කේතය නිල වශයෙන් ලබාදීම පිටබැද්දර දී සිදු කෙරිණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතාගේ සහභාගීත්වයෙනි. මෙම අවස්ථාව සදහා සම්බන්ධ වූ සම්භාවනීය පිරිස් අතර කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ මණ්ඩලය ආදි ආයතනවල නිලධාරීන් එවගේම ප්‍රාදේශීය දේශපාලඥයන් සහභාගී වී තිබේ.

මින් පෙරද  වැලිපැන්නේ දී මෙ කටයුත්තට මූලිකත්වය ගෙන ඇත.

තේ පොහොර සහනාධාරය QR ක්‍රමයට

තේ පොහොර සහනාධාරය QR ක්‍රමයට

එහිදී දැක්වූයේ ද මෙම ව්‍යාපෘතිය යටතේ කි.ග්‍රෑම් 50 ක පොහොර මිටියක් සදහා රු. 4000 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සදහා රු. 2000 මුදලක් ද, සහනාධාර වශයෙන් ලබාදෙන බවයි.

ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට කිලෝ මිලියන 400 ක් දක්වා වර්ධනය කිරීමට මෙම සහනාධාර තේ පොහොර නව ක්‍රමවේදය අනුව දීමට තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000 ක මුදලක් 2025 වර්ෂය සඳහා වෙන්කර ඇති බව සදහන් වේ.

බස්නාහිර බස් ගමන්කරුවන්ට යළි අවවාද නැහැ - කෙලින්ම දඩ

බස්නාහිර බස් ගමන්කරුවන්ට යළි අවවාද නැහැ - කෙලින්ම දඩ

සහනාධාරලාභීන් වෙත QR කේතයක් ලබාදී රජයේ පොහොර සමාගම ඇතුලු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් මෙම අනුමත පොහොර ලබා ගත හැකි පරිදි නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව සදහන් කරයි.

කෙසේ වෙතත් කුඩා තේ වතු හිමියන්ගේ අදහස වුණේ තේ පොහොර සහනාධාර බෙදා හැරීමේ ක්‍රියාව ඩිජිටල්කරණයට ලක් කිරීම නිසි කලට තේ හොහොර ලබාගැනීමට කදිම විසදුමක් වන බවයි.