ඔබත් පරිස්සමෙන්.. කුලී රථ රියදුරකු කාන්තාවක රවටා සිදු කළ පහත් ක්‍රියාව..

Sri Lanka Police
By Sithumi Jun 05, 2022 03:27 PM GMT
Sithumi

Sithumi

Report

ත්‍රීරෝද රථ රියදුරෙකු කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් කාන්තාවක සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ අටක රන් භාණ්ඩ මුදල් ඇතුලු දේපල රැසක් කොල්ල කා පළා ගොස් ඇතැයි ගොඩගම පොලිසිය කියයි.

මෙම කාන්තාව පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ගොඩගමට ගොස් නැවත නිවසට යාම සඳහා මාර්ගය ආසන්නයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයක් කාන්තාව රැඳී සිටි ස්ථානයේ නවතා කුලී ගමනක් යාමට දැයි විමසා කාන්තාව ත්‍රිරෝද රථයට නංවාගෙන ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

ත්‍රීරෝද රථ රියදුරු කාන්තාවගේ නිවස පිහිටි ස්ථානය පසු කොට පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් කාන්තාව බිය ගන්වා මරණීය තර්ජනය කොට ඇය සන්තකයේ තිබූ රන් මාලයක් මුදුවක් අත් පළඳනාවක් කරාබු යුගලයක් මුදල් පසුම්බිය සහ ජාතික හැඳුනුම්පත ඇතුළු අත්‍යවශ්‍යය ලිපි ලේඛන රැසක් මං කොල්ලකා පලාගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now