සුරූපී නිළි ටනාශා සතරසිංහ ජයටම වැලන්ටයින් සැමරූ හැටි..(PHOTOS)

social media gossip Tanasha Satharasinghe valentine's day
By Sewvandhi Feb 14, 2022 03:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සමාජ මාධ්‍යවල නිරන්තර ක්‍රියාකාරිත්වයක් පෙන්වන අපූරු චරිතයක් ගැන තමයි අද කතා කරන්නේ. රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් විදිහටත් ඔබ අප කවුරුත් හඳුනන ඇය නමින් ටනාශා සතරසිංහ.

මේ දිනවල නීල පබලු ටෙලිනාට්‍යයේ කුරුලු ලෙසින් දැකබලා ගන්නට හැකියාව ලැබෙන ඇය පසුගිය දවසක සමාජ මාධ්‍ය ගිණුමේ අපූරු ඡායාරූප කිහිපයක්ම නිකුත් කරලා තිබෙන ආකාරය අපට දැක ගන්නට ලැබුණා. ඇය ඒ ඡායාරූප එකතු කරල තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගියපු චාරිකාව අතරතුර ගත්ත ඡායාරූප කිහිපයක්.

කොහොම නමුත් බොහොම නිහතමානී චරිතයක් විදියට ඇයව කොයි කවුරුත් හඳුනනවා. මෙයට හේතුව රංගන ශිල්පිනියක් විදිහටත් නිරූපණ ශිල්පිනියක ලෙසටත් සහ ලංකාවේ ජනප්‍රිය චරිතයක් විදියට ඇය තුළ කිසිම ආඩම්බර ගතියක් නැති කම. 

ඉතින් ගොඩක් ප්‍රේක්ෂක ජනතාව සහ ඇයට ආදරය කරන පිරිස ඇය හමුවට ඇවිල්ල කතාබස් කරන කොට බොහොම ආදරයෙන් නිහතමානීව ඔවුන් සමඟ කතාබහ කරන රංගන ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනා විසින් ඇයව හඳුන්වනවා.

දියණියන් සිව් දෙනෙක් ඉන්න පවුලක වැඩිමහල් දියණිය තමයි ටනාශා. එසේම ඇය හැසිරෙන විදිහ වගේම ඇය බොහෝ දෙනා සමඟ කතාබහ කරන ආකාරයෙන් ද සහෝදරියන්ට ආදර්ශමත් වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ.

ඉතින් මේ වන විට ඇයගේ පවුලේ නැගෙණියන් දෙදෙනෙක්ම කලාවට සම්බන්ධ වෙලා සිටින ආකාරයත් ඇය සඳහන් කරල තිබෙනවා. ඉතින් වැඩිමහල් සහෝදරිය විදිහට ඇයගේ සහෝදරියන් තිදෙනාම කලා ලෝකයේ හරි විදිහට ජනප්‍රියත්වයක් ලබා ගන්නවා දකින්නට තමයි ඇය කැමති කියලා සඳහන් කරල තිබෙන්නේ.

ඉතින් පසුගිය දවස් වල ලංකාවෙන් පිට හිටපු ඇය නැවත ලංකාවට පැමිණිලා තිබෙනවා කියන එක තමයි ආරංචි වෙන්නේ. බොලිවුඩ් නිළියකට සමානව තිබෙන රූපකාය නිසා බොහෝ දෙනෙක් අතර ජනප්‍රියත්වයක් ලබා ගන්නටද ඇයට හැකියාවක් ලැබුනා.

ඒ වගේම ඇගේ පෙම්වතා පිළිබඳව යම් යම් අවස්ථාවල දී කරුණු ඉදිරිපත් කරන බවත් දැක ගන්නට පුළුවන්. කොහොම නමුත් ඇය වැලන්ටයින් දවසට පෙම්වතාට පුදුම කිරීමක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලත් වටින් ගොඩින් ආරංචි වුණා. නමුත් ඉතින් ඒ බව දැනගන්නට ලැබෙන්නේ පස්සෙ තමයි.

කෙසේ නමුත් ඇය අද දවසේ ඇගේ පෙම්වතාට කරන පුදුම කිරීම කොයි ආකාරයේ එකක් ද කියන කාරණාව අපට ඉදිරියේදී දැක බලා ගන්නට හැකියාව ලැබේවි. ඒ හා සමගාමී ඡායාරූප හා ඔවුන්ගේ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට ආදරේ කරන ජනතාව වෙනුවෙන් බෙදා හදා ගන්නට ඔවුන් යොමු වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක සුබ අනාගතයකට පැතුම් එකතු කරනවා වගේම කලා කටයුතුවලටත් ආදරෙන් සුබ පතනවා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha