260 ක් මරු කටට ගියේ එයාර් ඉන්දියා ප්‍රධාන නියමුවා ඉන්ධන විසන්ධි කිරීම නිසා, පරික්ෂණයෙන් හෙළිවෙයි

Report

ලෝකයම කම්පා කරමින් ඉකුත් මාසයේදී ඉන්දියාවේ අහමදාබාද් නුවරදී කඩා වැටුණු එයාර් ඉන්දියා යානයේ එන්ජින් සඳහා වූ ඉන්ධන සැපයුම, යානයේ ප්‍රධාන නියමුවා විසන්ධි කර ඇති බවට, නියමු කුටියේ හඬ පටිගත කිරීම් ඔස්සේ තොරතුරු හෙළි වෙමින් පවතින බව විමර්ශනයට සම්බන්ධ ඇතැම් ආරංචි මාර්ග පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම අනතුරින් පුද්ගලයින් 260 දෙනෙක් මිය ගොස් ඇත.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

කෙසේ වෙතත් අනතුර සිදුවන විට බෝයිං 787 යානය පාලනය කරමින් සිට ඇත්තේ සහායක නියමුවායි.

ඔහු ප්‍රධාන නියමුවාගෙන් ඉන්ධන ස්විච ක්‍රියා විරහිත කළේ මන්දැයි විමසා ඇති බවත්, යළි ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කරන මෙන් ඉල්ලා ඇති බවත් මේ වන විට එම ආරංචි මාර්ගය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙහිදී එක්සත් ජනපද නිලධාරීන්ගේ මූලික තක්සේරුවේ පෙන්වා දෙන්නේ අඳාළ නියමු කුටියේ වීඩියෝ දර්ශන නැතත් ඔවුන් දෙදෙනා අතර වූ සංවාදයට අනුව මෙම ක්‍රියාවට ප්‍රධාන නියමුවා වගකිව යුතු බවට ප්‍රබල සාක්ෂි පවතින බවයි.

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

ඊට අමතරව ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) මඟින් නිකුත් කළ මූලික වාර්තාවේ යානය ගුවන්ගත වූ විගස ඉන්ධන ස්විච ‘run’ (ක්‍රියාත්මක) තත්වයේ සිට ‘cutoff’ (විසන්ධි) තත්වයට පත්වී ඇති බව දක්වයි.

එසේම ඒ සමගම යානයේ ප්‍රධාන එන්ජින්වල බලය අක්‍රිය වූ බවට සංඥා කරමින්, එහි උපස්ථ බලශක්ති ප්‍රභවය (Ram Air Turbine) ක්‍රියාත්මක වී ඇති බවටද සාක්ෂි ලැබී ඇති බව සඳහන්. ඒ අනුව අඩි 650ක් පමණ උසකට ගිය යානය, ඉන්පසු බලය නැතිව පහළට ඒමට පටන්ගෙන තිබෙන අතර එන්ජින් යළි පණගැන්වීමට උත්සාහ කළද, යානය පැවති අඩු උස සහ වේගය හේතුවෙන් එය යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

එහිදී යානය ගස් කිහිපයක සහ චිමිනියක ගැටී අවසානයේ ආසන්නයේ පිහිටි වෛද්‍ය විද්‍යාල ගොඩනැගිල්ලක් මතට කඩා වැටී ගිනිගෙන තිබෙනවා.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

තවද එයාර් ඉන්දියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මූලික වාර්තාවට අනුව යානයේ කිසිදු යාන්ත්‍රික හෝ නඩත්තු දෝෂයක් සොයාගෙන නැති බව කියා ඇත.

අඳාළ වාර්තාවෙන් පසුව බෝයිං සමාගම සහ එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) මඟින් බෝයිං යානාවල ඉන්ධන ස්විච පද්ධතිය ආරක්ෂිත බවට නිවේදන නිකුත් කර ැති බව සඳහන්.

කෙසේ වෙතත් ඉන්දියාවේ විමර්ශන කණ්ඩායමට එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) ද සහාය ලබා දෙන බව වාර්තා වේ.

එසේම මෙම අනතුරත් සමඟ, ගුවන් යානාවල නියමු කුටි තුළ වීඩියෝ කැමරා සවිකිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් යළි වරක් ජාත්‍යන්තර කතාබහක් ඇතිවී පවතී.

‘ගෝඨා ගෝ ගම' අරගලයේදී ගිනි තැබූ ගෙවල් වලට දුන්නු වන්දි ආපසු ගන්න නඩු දමයි

‘ගෝඨා ගෝ ගම' අරගලයේදී ගිනි තැබූ ගෙවල් වලට දුන්නු වන්දි ආපසු ගන්න නඩු දමයි