මන්ත්‍රීවරුන්ට එපා නම් පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට

Report

සභාපතිවරයෙක් සහ උප සභාපතිවරයෙක් පත් කර ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන ඉදිරියේදී කොමසාරිස් පාලනයට යටත් කරනු ඇති බව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය, ආචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ඇතැම් පළාත් පාලන ආයතනවල කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලය හිමි වූයේ නැත.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

එම තත්ත්වය මත සභාපති සහ උප සභාපති තෝරා ගැනීමේ වගකීම එම ප්‍රදේශවල පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත පැවරුණා.

එහිදී බොහෝ පළාත් පාලන ආයතනවල සභාපති සහ උප සභාපති තෝරා ගැනීම රහස් ඡන්ද විමසීමක් මගින් සිදු විය.

මේ අතර ඇතැම් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් රහස් ඡන්ද විමසීමට විරෝධය පළ කරමින් සභාවෙන් පිටව ගොස් තිබීම නිසා මෙම තත්ත්වය තවත් සංකීර්ණ වී ඇත.

ඒ අනුව පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ,

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

“ඉදිරි මාස තුන ඇතුළත අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. මුලින්ම, අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන කොමසාරිස්වරුන්ගෙන් මන්ත්‍රීවරුන් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරාවි. ඉන් අනතුරුව, ආණ්ඩුකාරවරුන්ට බලය තිබෙනවා අදාළ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට. පසුව, අදාළ පළාත් පාලන ආයතනය කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීම සිදු වනවා. ඒ අතරතුර, රජය විසින්ද මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා තිබෙනවා. එහිදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන මතයද දැනට පිහිටුවීමට නොහැකි පළාත් පාලන ආයතනවල අනාගතය තීරණය කරාවි. මන්ත්‍රීවරුන්ට එපා නම් කොමසාරිස් පාලනයට ලක්කර හෝ සියලුම පළාත් පාලන ආයතන පවත්වාගෙන යා යුතු වනවා. එසේ නොවන්නේ නම් කොහොමද ගමේ සංවර්ධන කටයුතු සිදුකරන්නේ?” මෙවර පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙරද රට පුරා සියළු පලාත් පාලන ආයතන වසර කිහිපයක් තිස්සේම පැවතියේ කොමසාරිස් පාලනයේය."

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්