ඉදිරි පැය 24 ගැන නාවික ධිවර ප්‍රජාවට රතු නිවේදන

Sri Lanka Navy Department of Meteorology Sri Lanka Fisherman Sinhala news
By Hashini Jul 18, 2025 06:48 AM GMT
Hashini

Hashini

Report

ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

පුත්තලම සිට කොළඹ ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය විටින් විට පැ.කි.මී. 60 -70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.

පුත්තලම සිට කොළඹ ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.0ක් පමණ ඉහල යාමේ හැකියාව පවතී.

දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල වෙඩි තැබීමක්

මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවද පවතිනවා.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන ධිවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙසද දැනුම් දෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ධිවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.   

භාතිය නැතිවෙලා සතියක් නෑ, දුම්රියක ගැටී තවත් සද්ධන්තයෙක් ජීවිතක්ෂයට

භාතිය නැතිවෙලා සතියක් නෑ, දුම්රියක ගැටී තවත් සද්ධන්තයෙක් ජීවිතක්ෂයට

ReeCha