පොලිස් අම්මා තරුණයෙක්ට ඉස්පිරිතාලේ නවතින්නම පහර දීලා

Report

ආරච්චිකට්ටුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂකවරියගේ පහර කෑමට ලක්ව ඇති තරුණයෙක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

එසේ පහර කා ඇත්තේ ආරච්චිකට්ටුව - දුම්රිය පොළ පාර පදිංචි ව සිටින 17 හැවිරිදි තරුණයෙක් බව සඳහන්.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

ඒ අනුව පෙරේදා (16) දින පස්වරුවේ ආරච්චිකට්ටුව පොලිසිය තුළ දී මෙම පහරදීම සිදු ව ඇති බව පවසයි.

පහර දුන් බව පවසන කාන්තා උප පොලිස් පරීක්ෂකවරියගේ දරුවෙක් හලාවත නගරයේ ප්‍රසිද්ධ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතර එම සිසුවා ළඟ තිබියදී දුම්වැටි පැකට්ටුවක් පාසලේ ගුරුවරයෙක් සොයා ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම අද (18) දිනට කල් තබා ඇති පාසලේ ගුරුවරුන් විසින් ඒ වන තෙක් එම දරුවාට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී ඇත.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

මේ අතරතුර එම දුම්වැටි පැකට්ටුව තමන්ට දුන්නේ රෝහල්ගත වී සිටින තරුණයා බව උප පොලිස් පරීක්ෂකවරියගේ දරුවා තම මවට පවසා ඇති බව සඳහන්.

එහිදී උප පොලිස් පරීක්ෂකවරිය තමන්ට පොලිසියට කැඳවා පොලීසිය තුළ දී ම පහරදීම සිදු කළ බව රෝහල්ගත කොට ඇති තරුණයා හලාවත මහා රෝහල් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව පවසයි.

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය