සියලුම රාජ්‍ය සේවකයන්ට නව නීතියක් - රාජකාරී වෙලාව තුළ ස්මාර්ට් ෆෝන් භාවිතා කිරීම තහනම් ජුලි 16 සිට ක්‍රියාත්මකයි
ඇෆ්ගනිස්තානයේ වත්මන් තලේබාන් පාලනය විසින් එරට සියලුම රාජ්‍ය සේවකයින් සඳහා ස්මාර්ට්ෆෝන් භාවිත කිරීම රට පුරා සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා නිල වශයෙන් ප්‍රකාශ කරයි.
ඒ අනුව එරට විනිසුරුවන් ඇතුළු ආරක්ෂක හමුදා සහ සිවිල් ආයතනවල සේවය කරනු ලබන සියලුම මට්ටමේ නිලධාරීන්ට පසුගිය ජුනි 16 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස නවීන ජංගම දුරකථන භාවිතය නෛතිකව තහනම් කර තිබේ.
මෙම දැඩි රාජ්‍ය නියෝගය හිතාමතා උල්ලංඝනය කරනු ලබන කවර හෝ පුද්ගලයෙකුගේ ජංගම දුරකථන එම ස්ථානයේදීම සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තලේබාන් නීතිය යටතේ ඔවුන්ට එරෙහිව ඉතාමත් දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙලෙස පනවා ඇති හදිසි ස්මාර්ට්ෆෝන් තහනම හේතුවෙන් එරට සමස්ත රාජ්‍ය කටයුතු සහ පරිපාලන ව්‍යුහය මේ වන විට බරපතළ ලෙස අඩාල වී ඇති බව ඇෆ්ගනිස්තාන රාජ්‍ය නිලධාරීන් පෙන්වා දෙති.
තමන්ගේ බොහෝ දෛනික රාජකාරී කටයුතු සහ නිල සන්නිවේදනයන් මීට පෙර ස්මාර්ට්ෆෝන් මෙන්ම WhatsApp සහ විද්‍යුත් තැපෑල වැනි නවීන තාක්ෂණික මෙවලම් හරහා ඉතාමත් කාර්යක්ෂමව සිදුකළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේවෙතත් පන්ජ්ෂීර් පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ සියලුම රාජ්‍ය කාර්යාල පරිශ්‍රයන් තුළ මෙම ස්මාර්ට්ෆෝන් තහනම වහාම ක්‍රියාත්මක කිරීමට තමන් පියවර ගන්නා බවයි.
ගෝලීය මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ වත්මන් ඇෆ්ගනිස්තාන ජනතාවට නවීන අධ්‍යාපනය ලැබීම තොරතුරු නිවැරදිව ලබාගැනීම රට තුළ සිදුවන විවිධ සිදුවීම් වාර්තා කිරීම සහ තමන්ගේ පෞද්ගලික සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාම සඳහා ස්මාර්ට්ෆෝන් ප්‍රධානතම මෙවලමක් වී තිබූ බවය.
රතු නිවේදන වැදුණු මාටියා කටුනායක ගුවන්තොටුපොළේදී මාට්ටු - මැලේසියානු පොලිසියෙන් ලංකාවට පිටුවහල් කරලා
පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ බලය නැවත වරක් තමන් සතු කර ගැනීමෙන් පසු තලේබාන් පාලනය විසින් එරට අහිංසක කාන්තාවන් ස්වාධීන මාධ්‍ය ක්ෂේත්රය සහ සමස්ත සිවිල් සමාජය සඳහා මෙලෙස අතිශය දැඩි මර්දනකාරී සීමා පනවා ඇති බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.