රතු නිවේදන වැදුණු මාටියා කටුනායක ගුවන්තොටුපොළේදී මාට්ටු - මැලේසියානු පොලිසියෙන් ලංකාවට පිටුවහල් කරලා
බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් "මාටියා" නම් පුද්ගලයා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ අතර ඔහුව කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැලේසියාවේ රැඳීසිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි මොහොතේදීය.
පොලිසිය වාර්තා කර ඇත්තේ මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගිය බවයි. ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබු අතර සැකකරු වයස අවුරුදු 42 වන කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
පසුගිය 2022 වසරේ ජූලි මස 22වන දින ගම්පහ අධිකරණ පරිශ්‍රය තුළ දී පස්පොඩ්ඩා නැමති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහු සමග සිටි තවත් අයෙකුට වෙඩි තබා ඝාතනය කර එහි රැදී සිටි තවත් පිරිසකට වෙඩි තබා තුවාළ සිදු කිරීම මොහුට එරෙහිව වන චෝදනාවක් වෙයි.