තල්දූව වෙඩි තැබීමට දෙදෙනෙකු අත්අඩංගුවට
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
By Sithumi
අවිස්සාවේල්ල පොලීසිය විසින් තල්දූව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා පළායෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම සැකකරුවන් පැමිණි බව පැවසෙන යතුරුපැදිය, හිස් ආවරණ සහ කඩුවක්ද පොලිස් භාරයට ගෙන තිබේ. පසුගිය 26 වනදා සවස 6.30 ට පමණ අවිස්සාවේල්ල තල්දූව මංසන්ධියේදී මෙම වෙඩිතැබීම සිදුවී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (05) ඉදිරිපත් කිරීමට නියමිතය.
දෙපිරිසක් අතර කලක පටන් පවතින ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
