ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දිනුම තීරණය වෙයි.. ලෝකයම බලා හිටිය ඒ තියුණු තරඟයේ ප්‍රතිඵලය මෙන්න..

Indian Cricket Team South Africa National Cricket Team 2024 T20 World Cup Cricket Tournament T20 World Cup 2024 Latest Headlines
By krishani Jun 29, 2024 06:15 PM GMT
krishani

krishani

Report

අද (29) 2024 T20 ක්‍රිකට් ලෝක කුසලාන ශූරයින් බවට පත්වීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් විය.

ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දිනුම තීරණය වෙයි.. ලෝකයම බලා හිටිය ඒ තියුණු තරඟයේ ප්‍රතිඵලය මෙන්න.. | T20 World Cup 2024 India Vs South Africa Final

ඒ තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකාව ලකුණු 07කින් පරාජයට පත් කරමින් ය.

මෙම තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන්  රාත්‍රී 08.00ට Kensington Oval, Bridgetown, Barbados හිදී ආරම්භ විය.

එහිදී තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම හිමිකර ගත්තේ ය.

අවසන් සටනේ, ඉන්දියාවම පුදුම කළ කෝලි ඉන්දියාව ගොඩ දැම්මෙ මෙන්න මෙහෙමයි..

අවසන් සටනේ, ඉන්දියාවම පුදුම කළ කෝලි ඉන්දියාව ගොඩ දැම්මෙ මෙන්න මෙහෙමයි..


ඒ අනුව පළමුවෙන් පන්දුවට ඉන්දීය කණ්ඩායම පහරදීමට තීරණය කරනු ලැබීය.

ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දිනුම තීරණය වෙයි.. ලෝකයම බලා හිටිය ඒ තියුණු තරඟයේ ප්‍රතිඵලය මෙන්න.. | T20 World Cup 2024 India Vs South Africa Final

ඒ අනුව ලෝක ශූරයින් වීමේ සිහිනය පෙරදැරිව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් විය.

මෙම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට ද හිමිකම් කියනු ලබයි.

පළමුව පිටියට පිවිසි නායක Rohit Sharma ලකුණු 09 (05) කටත්, Rishabh Pant ලකුණු නොලබාත්, Suryakumar Yadav ලකුණු 03 (04) කටත් පිට පිට දැවී යනු ලැබුවේ ඉන්දීය බලාපොරොත්තු සුන් කරමින් ය.

ආරම්භ පිතිකරුවෙකු වූ Virat Kohli සහ පස්වැනි පිතිකරු වූ Axar Patel එක්ව ඉන්දීය කණ්ඩායමට ශක්තිමත් ඉනිමක් ගොඩ නැගීමට දායක විය.

ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දිනුම තීරණය වෙයි.. ලෝකයම බලා හිටිය ඒ තියුණු තරඟයේ ප්‍රතිඵලය මෙන්න.. | T20 World Cup 2024 India Vs South Africa Final

Virat Kohli පන්දු 59කදී ලකුණු 76ක්ද, Axar Patel පන්දු 31කදී ලකුණු 47ක්ද රැස් කිරීමට සමත් විය.

අනතුරුව පිටියට පිවිසි Shivam Dube ලකුණු 27(16)ක්ද, Hardik Pandya නොදැවී ලකුණු 05(02)ක්ද, Ravindra Jadeja ලකුණු 02(02)ක්ද රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමේ Keshav Maharaj සහ Anrich Nortje කඩුළු 02 බැගින්ද, Kagiso Rabada සහ Marco Jansen එක් කඩුල්ල බැගින්ද දවා ගනු ලැබීය.

ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දිනුම තීරණය වෙයි.. ලෝකයම බලා හිටිය ඒ තියුණු තරඟයේ ප්‍රතිඵලය මෙන්න.. | T20 World Cup 2024 India Vs South Africa Final

ඒ අනුව 2024 20 ක්‍රිකට් ලෝක ශූරයින් වීම සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 177ක දැවැන්ත ඉලක්කයක් හිමි විය.

එහිදී පන්දුවට පහරදීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ Reeza Hendricks ලකුණු 04(05) කට ද, නායක Aiden Markram ද ලකුණු 04(05) කට ද, Tristan Stubbs ලකුණු 31(21) කටත්, Quinton de Kock ලකුණු 39(31) කටද, Marco Jansen ලකුණු 02(04) කට ද, David Miller ලකුණු 21(17)ක්ද, Keshav Maharaj නොදැවී ලකුණු 02(07)ක්ද, Kagiso Rabada ලකුණු 04(03) ක්ද, රැස් කිරීමට සමත් විය.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Heinrich Klaasen පන්දු 27ක දී ලකුණු 52ක් රැස් කරගෙන සිටිය දී පාන්ඩ්‍යාගේ පන්දුවකට දැවී යනු ලැබීය.

ඒ අනුව ලෝක කුසලාන ජයග්‍රහණය හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 169ක් පමණී.

ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දිනුම තීරණය වෙයි.. ලෝකයම බලා හිටිය ඒ තියුණු තරඟයේ ප්‍රතිඵලය මෙන්න.. | T20 World Cup 2024 India Vs South Africa Final

පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායමේ Hardik Pandya කඩුළු 03ක්ද, Arshdeep Singh සහ Jasprit Bumrah කඩුළු 02 බැගින්ද, Axar Patel එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, මෙවර ලෝක කුසලානයේ එකඳු හෝ තරගයක් පරාජය නොවුණු ඉන්දියාව මෙන්ම දකුණු අප්‍රිකාව ද අවසන් තරගයේ දී තරග වදිනු ලැබීය.

ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දිනුම තීරණය වෙයි.. ලෝකයම බලා හිටිය ඒ තියුණු තරඟයේ ප්‍රතිඵලය මෙන්න.. | T20 World Cup 2024 India Vs South Africa Final

එමෙන්ම, ලෝක කුසලානයක කණ්ඩායම් දෙකම අපරාජිතව සිටිමින් අවසන් මහා තරගයක් පැවති පළමු අවස්ථාව ද මෙය විය.