ලංකාව t 20 අවසන් වටේට යෑමට තරග කළ යුතු රටවල්

Sri lanka World cup t 20
By Sithumi Jul 16, 2021 11:43 AM GMT
Sithumi

Sithumi

Report

ලෝක 20 යි 20 ක්‍රිකට් ශූරතාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් කාණ්ඩ කර ඇති ආකාරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

2021 මාර්තු 20 වනදා වනවිට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා වූ කණ්ඩායම් 4ක් ලෙස කාණ්ඩ දෙකක ට බෙදා ඇත. එම කණ්ඩායම් වන්නේ, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, සහ ඇෆ්ඝනිස්තානය වේ. 

    ලෝක 20 යි 20 ක්‍රිකට් ශූරතාවලියට කණ්ඩායම් 12 ක් එක්වීමට නියමිත අතර ඉතිරි කණ්ඩායම් 4, කණ්ඩායම් 8ක් අතර පැවැත්වෙන මුලික තේරීම් වටයකින් අනතුරුව තෝරාගැනේ.

එම කණ්ඩායම් 8 වන්නේ, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, නැමීබියාව, බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියාව, සහ ඕමානය වේ.

ඉන් ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, සහ නැමීබියාව "ඒ" කාණ්ඩය යටතේ තරඟවදින අතර බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියාව, සහ ඕමානය "බී" කාණ්ඩය යටතේ තරඟ වැදීමට නියමිතය. ඉන් එක් එක් කාණ්ඩයෙන් කණ්ඩායම් දෙක බැගින් අවසාන තරඟාවලියට සුදුසුකම් ලබයි. 

  ඒ අනුව ලෝක 20 යි 20 ක්‍රිකට් ශූරතාවලිය, කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් "ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 වනදා" දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එය සංවිධානය කරයි.

ReeCha