මහෙස්ත්‍රාත්වරයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි - හේතුව මෙන්න..

Mullaitivu Sri Lanka Sri Lanka Magistrate Court
By Sewvandhi Sep 29, 2023 08:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු විසින් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පසුගිය 23වන දින අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

අදාළ ලිපියෙන් දැනුම් දී ඇත්තේ, තමාට එල්ල වන තර්ජන හේතුවෙන් මතුවී ඇති ආතතිය මත ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

මුලතිව් ප්‍රදේශයේ පසුගිය කාලය තුළ සිදුවූ සංවේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා නියෝග ලබාදී තිබුණි.

මේ අතර අදාළ මහෙස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදීමෙන් පසු විදෙස්ගතවී ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.  

ReeCha