කොළඹින් තවත් සැකකටයුතු මරණ දෙකක්, තැන් දෙකකින් මළසිරුරු හමු වෙයි
සැකකටයුතු මළසිරුරු දෙකක් කොළඹ ප්‍රදේශ දෙකකින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය පැවසුවේ එක් සිරුරක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමෙන් සහ අනෙක් සිරුර දෙහිවල පොලිස් වසමෙන් හමු ව ඇති බවයි.
එක් මළසිරුරක් ඊයේ (29) දින සවස් කාලයේ ග්‍රෑන්ඩ්පාස්, ඉඟුරුකඩේ හන්දිය අසල ඇති ජාඩි ඇලේ තිබී හමු වී ඇති අතර පොලීසිය කියා සිටියේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
එසේම එම සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකුගේ බවයි.
තවද එම පුද්ගලයා අඩි 05 අඟල් 04 ක් පමණ වන බවත් කළු පැහැති කොට කලිසමක් හා උඩු කයට කළු පැහැති ටීෂර්ට් එකක් හැඳ සිට තිබෙනවා.
මේ වන විට අඳාළ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව සඳහන්.
එසේම අනෙක් සිරුර ඊයේ රාත්‍රියේ දෙහිවල, සිරිවර්ධන පාර ප්‍රදේශයේ නිවසකින් හමු වී තිබෙනවා.
එය ද පිරිමි පුද්ගලයෙකුගේ වන අතර මරණකරු වයස අවුරුදු 23 ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හෙළිව තිබෙනවා.
ඒ අනුව මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර දෙහිවල පොලීසිය එහි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව පවසයි.