අයිස් කැලේ මෙන්න අයිස් වගේ සියගුණයක් දරුණු මත්ද්‍රව්‍යක් ලංකාවෙන්

Report

රට තුළින් භයානක හෙළිදරව්වක් සිදුව ඇත. ඒ අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

පල්ලිය පිටිපස්ස කුණුගොඩේ දින තුනක බිලිදියක්

පල්ලිය පිටිපස්ස කුණුගොඩේ දින තුනක බිලිදියක්

පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය දිනක වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු කල බවටය. පසුගිය දිනක වැලිගම පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පසුගියදා මත්ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් වටලා විදෙස් ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගත්තේය.

එම ස්ථානයේදී තිබී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ උපකරණ සොයා ගනු ලැබු අතර එහි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

සුළු මොහොතකට පෙර මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

පසුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මූලික පරීකෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ එම ස්ථානයේ තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍යවලට වඩා භායානක නව මත්ද්‍රව්‍යක් බවය.

පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ වාර්තාව ඉදිරි දින කිහිපය තුල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් තංගල්ල ප්‍රදේශයේ ලොරි රථ 03ක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව මෝටර් රථයක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය භාරයට ගෙන ඇති බවත්ය.

තලපති විජේගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් ?

තලපති විජේගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් ?

අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුකළ සැකකරුවන් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස මාතර ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව වාර්තා වේ. තංගල්ල ප්‍රදේශයේ තිබී පසුගියදා කිලෝ 700කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් අතර එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.  

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය