කිලෝ 191ක මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දික්ඕවට ධීවර වරායට...

By Parami Dissanayake Jun 26, 2024 05:13 PM GMT
Report

 පසුගිය 24 වැනිදා කොළඹ සිට නාවික සැතපුම් 120ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 191කට අධික තොගය සහ සැකකරුවන් 6දෙනා අද (26) දික්ඕවට ධීවර වරායට රැගෙන විත් තිබෙනවා.

අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යැවූ ඉන්දියානුවන් අත්අඩංගුවට...

අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යැවූ ඉන්දියානුවන් අත්අඩංගුවට...

නාවික හමුදාව සදහන් කරන්නේ, එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 2572ක් පමණ බවයි.

ශ්‍රී ලංකා නාවිකා හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව පසුගිය 24 වැනිදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ණය ප්‍රතිකර්ම ගිවිසුම අත්සන් කෙරේ...

ශ්‍රී ලංකාව සහ චීනය අතර ණය ප්‍රතිකර්ම ගිවිසුම අත්සන් කෙරේ...

ඉන් පසු කාන ලද පර්යේෂණයේ දී උර 8ක් තුළ පාර්සල් 45ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 48 ග්‍රෑම් 880ක පමණ තොගයක් සහ පාර්සල් 137ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 142 ග්‍රෑම් 184 පමණ තොගයක් සොයාගෙන ඇත.

එම අදාළ සැකකරුවන් වයස අවුරුදු 25ත් 68ත් අතර වන හලාවත, ඉරණවිල සහ තොඩුවාව යන ප්‍ර දේශයන්හි පදිංචිකරුවන් බව ද වාර්තා වේ.