උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2023 සහ 2024 වර්ෂවලට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් විය.
මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 380,795 දෙනෙකු අයදුම් කර තිබූ නමුත්, විභාගයට පෙනී සිට ඇත්තේ අයදුම්කරුවන් 235,031ක් පමණි.
විභාගය මධ්‍යස්ථාන 2,692කදී පැවැත්විණි.
ඊයේ නිකුත් වූ ප්‍රතිඵල, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.result.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකිය.