කාන්තාවක් නිසා මහමග ගහගත් සැකකරුවන් මාට්ටු

By Hashini Apr 27, 2025 06:20 AM GMT
Report

 සමාජ මාධ්‍යවල පැතිර ගිය පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ කාන්තාවක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වූ බවත්, වින්දිතයා සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

පෞද්ගලික ආයතනයක හිමිකරු කාන්තා සේවිකාවක් සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඇගේ පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු වාහනයට බාධා කර ඔහුට පහර දී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

එම සිද්ධියට තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා සහ ඔහු සමඟ පහරදීමට පැමිණි අනෙක් පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22 සහ 24 යන වයස්වල පසුවන මාකොළ සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. 

 

මහා බැංකුවෙන් දැනුම් දීමක්

මහා බැංකුවෙන් දැනුම් දීමක්