මහා බැංකුවෙන් දැනුම් දීමක්

By Hashini Apr 27, 2025 05:44 AM GMT
Report

අනිද්දා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතයි.

ඒ රුපියල මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වේ. මෙම වෙන්දේසියේදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙනා රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කරනු ලබයි.

දින 364න් කල් පිරෙනා රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත්ද මෙදින වෙන්දේසි කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ වර්ග 110ක් ගැන ගත්ත තීරණය

සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ වර්ග 110ක් ගැන ගත්ත තීරණය