පිරිමි දරුවෙකුගේ නිරුවත් වීඩියෝ හැදු සැකකරු මාට්ටු

By Hashini Apr 25, 2025 11:12 AM GMT
Report

 පිරිමි ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යය ජාලා හරහා ලබා ගනිමින් සහ ශ්‍රී ලාංකීක පිරිමි ළමයෙකුගේ අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කරන ලද සැකකරුවෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජනය නිවාරණ කාර්යාංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණේ අතුරුදහන් වූ සහ සූරා කෑමට ලක් වූ ළමුන් සඳහා වන අමෙරිකා රජයේ ජාතික මධ්‍යස්ථානය මඟින් (NCMEC) යොමු කර ඇති වාර්තාවක් අනුවයි.

දළදා වදින්න එන්න එපා...පීකර් බැඳගෙන රට පුරා කියන්න..... වැඩ බලන පොලිස්පති

දළදා වදින්න එන්න එපා...පීකර් බැඳගෙන රට පුරා කියන්න..... වැඩ බලන පොලිස්පති

ඒ අනුව, 2025.04.20 වන දින ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ආණමඩුව ප්‍රදේශයේදී අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන ආඬිගම, ආණමඩුව ප්‍රදේශයේ පදිංචි ජංගම දුරකථන අළුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙක්.

මෙම සැකකරු 2022 වර්ෂයේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශීය ළමුන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අඩංගු අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප එක් රැස් කරගනිමින් ඒවා නරඹා ඇති බවත් එසේම ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 13 ළමයෙකුගේ නිරුවත් වීඩීයෝ සහ අදාළ ඡායාරූප නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබනවා. 

ප්‍රබල අකුණු ගැන අදත් නිවේදන

ප්‍රබල අකුණු ගැන අදත් නිවේදන