අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරලියක් - පළමු වසරේ සිට කරන්න දේ

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Sewvandhi Sep 07, 2022 01:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තාක්ෂණයත් සමග ඉදිරියට යෑමේ දී සිදු කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉංග්‍රීසි භාෂා නිපුණතාව, අත්‍යවශ්‍ය බවත් ඒ එම ප්‍රතිසංස්කරණ මගින් ලබන වසරේ සිට ම පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා.

6 ශ්‍රේණියේ සිට ඉහළට ගණිතය සහ විද්‍යාව විෂයන් දෙක සිංහල, දමිළ මව් භාෂාවලින් උගන්වන අතර ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද ඉගැන්වීමට යෝජනා වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම විෂයන්වල බොහෝ තාක්ෂණික පද තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවට අදාළ ව බැවින් එතරම් අපහසුවකින් තොර ව දරුවන්ට ඉබේ ම මෙයට හුරු විය හැකි බවත් එමගින් අසාධාරණයක් සිදු නොවන බවත් ප්‍රකාශ කළා.

ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පසුබෑමට එක් හේතුවක් වී ඇති විද්‍යා, ගණිත හා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිඟය මගහරවා ඉංග්‍රීසි භාෂා නිපුණතාව ලබා දීමට වෙන ම වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වන අතර විශ්වවිද්‍යාල පද්ධතියත් අධ්‍යාපනඥ සේවයත් ගුරු උපදේශකවරුනුත් ඊට සහභාගිත්වය දක්වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සම්පත් දායකත්වය මත එම ආයතනය සමග ඒකාබද්ධ ව ක්‍රියාවට නංවා ඇති “English is Simple” ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වෙමින්. මෙම ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වැඩසටහන අනුව පාසල් විෂයමාලා පදනමින් නිපුණතා පාදක ව සැකසූ ක්‍රියාකාරකම් අත්පොත් හා සංයුක්ත තැටි මෙරට සියලු ම ද්විතීයක පාසල්වල දරු දැරියන්ට ලබා දීමට නියමිතයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now