කොරේ පිටට මරේ අදානිගේ මන්නාරම් ප්‍රොජෙක්ට් එක කැන්සල් කරාට ලංකාවට මිලියන 500ක වන්දියක්

By Mithu Jul 21, 2025 06:37 AM GMT
Report

අදානි ග්‍රීන් එනර්ජි ආයතනයආසනය මගින් සුළං විදුලි බලාගාරයක් මන්නාරම් ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජනා කර තිබුණි.

නමුත් ඒ ආකාරයෙන් යෝජනා කෙරූ මෙම ව්‍යාපෘතියෙන් අදාළ සමාගම ඉවත්වීම නිසා මන්නාරම් මෙගාවොට් 484 ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති වෙනුවෙන් වැයකළ රුපියල් මිලියන 300ත් 500ත් අතර මුදලක් අදානි ග්‍රීන් එනර්ජි සමාගමට ලබාදීමට රජයට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

එම ව්‍යාපෘතිවලින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉවත්වීමෙන් පසුව ඒ සඳහා වියදම් කළ මූලික මුදල බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමින් පසුගිය මැයි මාසයේදී ලිපියක් යොමුකර තිබිණි.

ඒ සමග බලශක්ති අමාත්‍යාංශය නීති උපදෙස් ඉල්ලා සිටි අතර මේ වනවිට අදානි සමාගම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මූලික මුදල ආපසු ගෙවන ලෙස නීති උපදෙස් ලැබී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගම ව්‍යාපෘති සඳහා ආපසු ගෙවන මුදල රුපියල් මිලියන 300 ත් 500ත් අතර වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් බලශක්ති බලපත්‍රය සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වියදම් කළ මුදල ආපසු ලබාදිය යුතු නැතැයි බලධාරීන්ගේ ස්ථාවරය වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ගෙවිය යුතු මුදල ආපසු ගෙවීමෙන් පසුව අදානි සමග එළැඹි ගිවිසුම අවසන් වනු ඇති බවත් ඉන් පසුව එම ව්‍යාපෘති සඳහා නව ටෙන්ඩර් කැඳවීමේදී අවශ්‍ය නම් අදානි ග්‍රීන් එනර්ජි සමාගමට නව ලංසුවක් ඉදිරිපත් කළ හැකි බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.