පාසල් වර්ගීකරණය වෙනස් කෙරේ - අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්..!

Ministry of Education A D Susil Premajayantha
By Sewvandhi Dec 28, 2022 06:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් වර්ගීකරණය වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළා.

අද (28) ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ පාසල්, වර්ග තුනක්ට කොටස් කිරීමට කටයුතු කරන බවයි.

මේ තුළින් පාසල් පන්ති කාමරයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කෙරෙන අතර විදුහල්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ එය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය,මෙම වර්ෂය තුළදී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානය වන පාසල්වලින් බැහැරව ලබන 31 වන දින දක්වා වෙනත් පාසල්වල සේවය කරන ගුරුවරුන්‍ගේ අනුයුක්තය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ එම ගුරුවරුන්ට ඉදිරියේදී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබාදෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන ලබන වසරේ මාර්තු මස 24 වනදා දක්වා ඔවුන්ගේ අනුයුක්තය දීර්ඝ කෙරෙන බවය.

ඒ අනුව ලබන 31 වනදා දක්වා අනුයුක්තව සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන බවද සදහන් වෙයි.

එම නිවේදනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ පසුගියදා මීට අදාලව නිකුත් කර ඇති ලිපියම ලබන වසරේ මාර්තු 24 වනදා දක්වා බලාත්මක වන බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now