"..සජිත් එක්ක ඉන්න හිරිකිතයි..හිරුණිකා අඬාගෙන වගේ කතා කළා.." සජිත්ගේ පැටිකිරිය හැමෝම ඉස්සරහ හෙළිවෙයි..(VIDEO)

Sajith Premadasa Hirunika Premachandra Local government Election Ajith Mannapperuma Latest Headlines
By Sewvandhi Oct 14, 2024 01:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවට යාම තමන්ට හිරිකිත බවයි.

මාන්නප්පෙරුම මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ, වසර ගණනාවක් තිස්සේ තමන් දැරූ ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කරමින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගය පක්ෂයට බරපතල විවේචනයක් සිදුකළ පුද්ගලයෙකුට තමන් දැරූ සංවිධායක ධුරය ලබා දීම හරහා තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් එම ගැටළුව පිළිබඳ කතා කිරීම සඳහා පක්ෂ නායකයා සම්බන්ධ කර ගැනීමට දුරකථන ඇමතුම් 40ක් පමණ ලබා ගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වූ බවත්ය.

පක්ෂය තුළට සිදුවන අනිසි අත පෙවීම් පාලනය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් නොමැති බවත් ඔහු නෝංජල් පුද්ගලයෙකු බවත් මාන්නප්පෙරුම මහතා පවසා තිබෙනවා.

ඔහු මේ අදහස් පළ කළේ, අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින්. එම සම්පූර්ණ සංවාදය පහතින්..