මතක තියාගන්න ඔවුන් ආපසු යයි..ඉතුරු වෙන්න ඔබලා..ඒක නිසා නටන් නැතුව මේ පාර ඡන්දය භාවිතා කරන්න..

Nuwara Eliya Ceylon Workers Congress United National Party Sri Lanka Jeevan Thondaman
By Piyumika Oct 16, 2024 08:23 AM GMT
Piyumika

Piyumika

Report

ජනාධිපතිවරණයේදි සිය දරුවන්ගේ කැමැත්තට අනුව වතුකරයේ ජනතාව ඡන්දය භාවිත කළ බවත්, මහ මැතිවරණයේදී සිය කැමැත්තට අනුව ලංකා කම්කරු කොන්ග්‍රසය කෙරෙහි විශ්වාසය තබා අලියා සලකුණට ඡන්දය භාවිත කරන ලෙසත්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් වතු කම්කරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

භයානක අනාවරණයක් ... රුධිර පාරවිලයනයට ගිහින් ජිවිතයම කණපිට පෙරලුනු හැටි..

භයානක අනාවරණයක් ... රුධිර පාරවිලයනයට ගිහින් ජිවිතයම කණපිට පෙරලුනු හැටි..

එක්සත් ජාතික සන්ධානයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා සලකුණින් තරග කරන ජීවන් තොණ්ඩමන් ඔහු මේ බව කියා සිටියේ අද (16) නොර්වුඩ් නිව්වැලි වත්තේදී සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින්.

ගත වූ සිව් වසර තුළ තමන්ට ලැබුණු ප්‍රතිපාදන අනුව වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට කටයුතු කළ බවත්, වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට මෙතෙක් අවස්ථාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ පමණක් බවත්, ඔහු සඳහන් කරනවා.

ජංගම දුරකථනයෙන් අමුතු දේවල් පෙන්නා දැරියක් අපයෝජනයට පොළඹවාගත් අයෙක් අත්අඩංගුවට..

ජංගම දුරකථනයෙන් අමුතු දේවල් පෙන්නා දැරියක් අපයෝජනයට පොළඹවාගත් අයෙක් අත්අඩංගුවට..

එමෙන්ම වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ලැබෙන ඡන්ද ප්‍රතිශතය අඩු කිරීමට ස්වාධීන කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් වතුකරයේ තරුණ කණ්ඩායම් කිහිපයක් කටයුතු කරන බවත්, එම කණ්ඩායම්වලට හසු නොවී අලියා සලකුණ දිනවීමට කටයුතු කරන ලෙසත්, ඔහු ඉල්ලා සිටිනවා.

කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටින සිය දරුවන් මැතිවරණ කාලයේ නිවසට පැමිණ ඡන්දය අහවල් සලකුණට ලබාදෙන ලෙස පවසා යළිත් ඔවුන් රැකියා ස්ථාන වෙත යන බවත්, ඉන් අනතුරුව වතුකරයේ රැඳී සිටින්නේ වතු කම්කරුවන් බවත්, ඔහු පවසනවා.

ග්‍රැමී සම්මානයට නිර්දේශ වූ යොහානිගේ 'කෙල්ල'..

ග්‍රැමී සම්මානයට නිර්දේශ වූ යොහානිගේ 'කෙල්ල'..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වටා සිටි විශාල පිරිසක් මේ වනවිට විවිධ දේශපාලන කණ්ඩායම් වලට බෙදී මහ මැතිවරණයට ඉදිරිපත් වි ඇති අතර, ලංකා කම්කරු කොන්ග්‍රසය කිසි දිනක දේශපාලන වාසි තකා කටයුතු නොකරන පක්ෂයක් බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.