විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Ministry of Education A D Susil Premajayantha
By krishani Sep 16, 2022 02:20 AM GMT
krishani

krishani

Report

රට තුළ දැඩි අර්බුදකාරී වාතාවරණයක් තිබුණ ද දරුවන් උසස් පෙළ ප්‍රතිඵල වඩාත් විශිෂ්ට අන්දමින් පෙන්වා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රමුඛස්ථානය හිමිකරගත් සිසුන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව පැවසුවේ ය.

මේ වනවිට ඇත්තේ අධ්‍යාපනයේ පරිවර්තනීය යුගයක වන අතර, ලෝකයේ දැනුම දෙගුණ වීමේ කාලපරාසය වේගයෙන් අඩු වෙමින් යන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන අතර 2020-21 වසරවල උසස් පෙළ ප්‍රතිඵල සෑම ක්ෂේත්‍රයකම වාගේ විශාල වෙනසක් දැකිය නොහැකි අතර එය බොහෝ දුරට සමාන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ReeCha