මට ජීවිත ආරක්ෂාව ඕනේ - සූරියකන්දේ පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්
අද (28) දින පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර මහතා සමග ඇති වූ සිද්ධියෙන් පසු වැඩතහනමට ලක්ව සිටින සූරියකන්ද පොලීසියට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදීමට සඳහා කොලොන්න පොලීසිය වෙත පැමිණ ඇත.
ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රත්නපුර නියෝජ්‍ය පොලිස්පති වෙත පෙරේදා (26) කරන ලද ලිඛිත පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණි බව ඔහු මාධ්‍යයට පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තමාට පහරදුන් සැකකරුවන් කිසිවෙකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔවුන් නිදැල්ලේ සිටීම තමාගේ සහ සිය පවුලේ අයගේ ජීවිතවලට තර්ජනයක් බවත්ය මෙනිසා තමා පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලූ බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන තෙක් ඔහුට සාධාරණයක් ඉටු වී නොමැති බවත් ඔහු පවසා ඇත.