ඉඹි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායකවරයාගෙන් යෝජනා රැසක් [VIDEO]

Report

සුනාමි ව්‍යසනය සිදුවී වසර 21ක් සපිරෙන මෙම මොහොතේ, දිට්වා සුළි කුණාටුවෙන් පසු ගැටලු රැසකට මුහුණ දී සිටින අවස්ථාවක රජය විසින් සිදුකළ යුතු වැදගත් කාර්යයන් කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රජය දැනුවත් කර තිබේ.

පශ්චාත් දිට්වා සුළි කුණාටු සමයේ කඩිනමින් ඉටුකළ යුතු කාර්යයන් කිහිපයක් ඇති බැවින් ඒවා ඉටුකිරීමට රජය වහාම පියවර ගත යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ යටතේ විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම, ආරක්ෂිත භූමියක තමන්ගේම නිවසක් සාදාගැනීම සහ ස්ථිරසාර ජීවනෝපායක් නිර්මාණය කරගැනීම, දරු පවුල් රැකබලාගැනීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. නමුත් එය තවමත් ඉටුවී නොමැති බවට ජනතාව පවසන බැවින්, ඉබි ගමනින් නොයා නිශ්චිත ක්‍රමවේදයක් තුළ කාර්යක්ෂම වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

එසේම, රටට ලැබුණු ආධාර සහ විපතෙන් සිදුවූ පිරිවැය අතර ගැලපීමක් නොමැති බැවින් කල්මරන්නේ නැතිව කඩිනමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවිය යුතු බවත්, ලෝකයේ අවධානය, දයාව සහ අනුකම්පාව රටට ලැබී ඇති මොහොතක රජය කළ යුත්තේ කාර්යක්ෂම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීම බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, රජය මේ කරුණ ගැන තවමත් උනන්දු වී නොමැති බැවින් දැන්වත් පමා නොවී ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවිය යුතු බවද අවධාරණය කළේය.

තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ජාත්‍යන්තර සෛරී බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණයකරුවන් සමඟ සාකච්ඡා කර නිර්මාණය වී ඇති දැඩි බරපතළ කොන්දේසි ලිහිල් කර අලුත් මූල්‍ය ගිවිසුමකට ප්‍රවේශ විය යුතු බවත්, එය සිදු නොකළහොත් රටට ඉදිරියට යා නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඊට අමතරව 2028 විදේශ ණය ගෙවීමේ ක්‍රියාවලිය තවත් වසර කිහිපයකට දීර්ඝ කරගැනීමට ඉල්ලා සිටිය යුතු බවත්, මේ තත්ත්වය හමුවේ 2028 ණය ගෙවීම යථාර්ථවාදී නොවන බවත් පෙන්වා දුන්නේය.

පාසල් වැසෙයිද? විදුහල්පති සංගමයෙන් අනතුරු ඇඟවීමක්

පාසල් වැසෙයිද? විදුහල්පති සංගමයෙන් අනතුරු ඇඟවීමක්

එසේම, අද වැනි දිනක අප රට මීට වසර 21කට පෙර 2004 වසරේ සුනාමි ව්‍යසනයකට මුහුණ දුන් බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා, එහිදී 40,000කට ආසන්න ජීවිත අහිමි වූ බවත්, මේ සුනාමියෙන් පාඩම් ඉගෙන ගැනීමට රට අපොහොසත් වූ නිසා ඩොප්ලර් රේඩාර් ක්‍රමය ඇති කිරීමට නොහැකි වූ බවත් පැවසීය. එම නිසා පුත්තලමේ සහ පොතුවිල්වල මේ රේඩාර් පද්ධතිය ඇති කිරීමට කටයුතු කළ යුතු බවත්, සුනාමියෙන් සහ දිට්වා සුළි කුණාටුවෙන් උගත් පාඩම් ඉගෙන ගෙන අලුත් ආපදා කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

නව ආයතන ඇති කර නව පනතක් ක්‍රියාත්මක කර මේ විෂය කැබිනට් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත කර ඉහළම ප්‍රමුඛත්වය ලබාදීමෙන් ආපදාවලින් සිදුවන විපත් අවම කිරීමට යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.