ඉන්දීය ධීවරයින් ලංකාවේ කරක්ගහලා - නාවික හමුදාවෙන් වහාම අත්අඩංගුවට
නෙඩුන්තීව් මුහුදු තීරයේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. නෙඩුන්තීව් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් තිදෙනා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන් අතර පසුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී.
ප්‍රශ්න කිරීමෙන් පසු, ඔවුන් පෙ.ව. 11 ට උකවත්තුර මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ඉදිරිපත් කරන ලද අතර, ජනවාරි 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නෙඩුන්තීව් මුහුදු තීරයේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ චෝදනාව මත ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (28) අලුයම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා පැවසුවේය.