මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කෙරේ - අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ පවතින මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කර තිබේ.
මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීමත්, මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමත් සඳහා මෙම මහජන හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බව ගැසට් නිවේදනයේ දැක්වේ.
මෙම දීර්ඝ කිරීමෙන් පසුව මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් බලාත්මක වන අතර, ඒ යටතේ අත්‍යවශ්‍ය සේවා සහ ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වීමට නියමිතය.
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් by rishma