තරගයට පෙර ඩකා කැපිටල්ස් පුහුණුකරු මියයයි

Report

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) කණ්ඩායම් ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ක්‍රීඩාංගණයේ දී ඇද වැටීමෙන් මිය ගොස් ඇත. ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

තවද ඔහු ඩකා කැපිටල්ස් කණ්ඩායම සිල්හෙට් හි 2026 BPL T20 තරගාවලියේ ආරම්භක තරගයට මොහොතකට පෙර සාකි පිටියේදී ඇදවැටී ඇත. ඔහුව ඉක්මනින් රෝහල්ගත කරන ලදි .

ඉන්පසුව ඔහු මියගිය බව වාර්තා විය.

ඒ වගේම ඔහුගේ වයස අවුරුදු 59 කි. ඒ වගේම දෙසැම්බර් 27 වැනි දින පස්වරු 1:00 ට පමණ සිල්හෙට් හිදී සාකි මියගිය බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරන ලදි.

“BCB ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂඥ වේගපන්දු යැවීමේ පුහුණුකරු සහ බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයේ ඩකා කැපිටල්ස් හි සහකාර පුහුණුකරු මහබුබ් අලි සාකිගේ අභාවය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය දැඩි ශෝකය පළකරයි,”

ලෙසින් එම නිවේදනයේ ප්‍රකාශ ක‍ර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේ

තවද බංග්ලාදේශයේ වේග පන්දු යැවීමේ සංවර්ධනය සඳහා ඔහුගේ දිගුකාලීන දායකත්වය වෙනුවෙන් සාකි පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර විය.

ඒ වගේම BCB හි ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් හරහා නැගී එන ක්‍රීඩකයන් සමඟ සමීපව කටයුතු කරන ලදි.